පෙ.ව. 04.45 අවදිවීම
පෙ.ව. 05:00 සමූහ භාවනාව
පෙ.ව. 06:00 තේ පානය
පෙ.ව. 06:30 ක්රියාවේ සතිය පුහුණු කිරීම
පෙ.ව. 07.30 උදෑසන ආහාරය
පෙ.ව. 08:00 ක්‍රියා භාවනාව
පෙ.ව. 09.30 සමූහ භාවනාව(සිටගෙන/ හිඳගෙන/ සක්මනෙහි)
පෙ.ව. 11:00 හුදකලා එලිමහන් භාවනාව
ප.ව. 12:00 දිවා ආහාරය
ප.ව. 12.30 පුස්තකාලය සහ විවේකය
ප.ව. 02.00 සක්මන් භාවනාව
ප.ව. 02.30 සමූහ භාවනාව
ප.ව. 03.30 තේ පානය සහ නිවැරදි කතාව
ප.ව. 04.00 ක්රියාවේ සතිය පුහුණු කිරීම
ප.ව. 05.00 හුදකලා එලිමහන් භාවනාව/ක්‍රියා භාවනාව
ප.ව. 06.15 රාත්‍රී සැහැල්ලු ආහාරය
ප.ව. 06.45 තෙරුවන් වන්දනාව සහ සමූහ භාවනාව
ප.ව. 08.00 ධර්ම සාකච්ඡාව හෝ කුටි තුළ නිශ්ශබ්දතාවය
ක්‍රියා භාවනාවේ යෙදෙමින්
රාත්‍රී ධර්ම සාකච්ඡාවක

තෙරුවන් වන්දනාව
නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ නේවාසික භාවනා පුහුණුවීම සඳහා පැමිණෙන ඔබ දැනගත යුතු කරුණු
- මෙම මධ්‍යස්ථානය තුළ දී පන්සිල් ආරක්ෂා කිරීම පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න.
- මධ්‍යස්ථානය තුළ සහ අවට දුම්පානය කිරීමෙන් මුළුමනින්ම වළකින්න.
- නිශ්ශබ්දතාවය රැකීම තම භාවනා පුහුණුවෙහි අංගයක් කොට සළකන්න. ප.ව 3.30 සිට 4.00 දක්වා කාලය තුළ නිවැරදි කථා පුහුණුවෙහි යෙදෙන්නට උත්සාහ කරන්න.
- ගුවන් විදුලි යන්ත්‍ර සහ ජංගම දුරකථන පාවිච්චි කිරීමත්, නිතර නිතර කථාබහෙහි යෙදීමත්, කුටිතුළ භාවනාවෙහි යෙදෙන භාවනානුයෝගින්ට බාධාවක් වන බව සිහියේ තබාගන්න. අත්‍යවශ්‍ය කථාබහක් නම් කරුණාකර ගොඩනැගිලිවලින් ඈත්ව හැකි පමණ කෙටියෙන් අවසන් කරන්න.
- විශේෂයෙන්ම රාත්‍රියේ දී සහ සෙසු කුටි තුළ සිටින අනිකුත් භාවනානුයෝගීන්ගේ විවේකයට සහ නින්දට උපකාරී වන පරිදි නිශ්ශබ්දතාවය රකින්න. සිහියෙන් සහ සන්සුන් මනසින් යුතුව නින්දට පිවිසෙන්න.
- කරුණාකර දේශීය සංස්කෘතිය පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න (විශේෂයෙන්ම ඇඳුම්, ගැහැණු පිරිමි සම්බන්ධතාවය හා මධ්‍යස්ථානයට නොගැලපෙන අංග පිළිබදව)
- මධ්‍යස්ථානයට ගැලපෙන අයුරින් සංවර ඇඳුම් පරිහරණය කරන්න. (ශරීරය මුළුමනින්ම ආවරණය වන පරිදි)
- කරුණාකර අන් අයගේ කුටි තුළට යාමෙන් වළකින්න. එමෙන්ම ගැහැණු පිරිමි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් අවට ඇවිදීමට යාමෙන් වළකින්න.
- තෙරුවන් වන්දනාව සඳහා ඔබගේ සහභාගිත්වය අගය කරමු. ඊට සම්බන්ධ වීම අනවශ්‍ය යැයි ඔබ සිතන්නේ නම් කරුණාකර වන්දනාවෙන් පසුව භාවනාව සඳහා ශාලාව තුළට පිවිසෙන්න.
- භාවනාව, ධර්මය සහ මෙම මධ්‍යස්ථානය පිළිබදව යම්කිසි ගැටළුවක් ඇත්නම් කරුණාකර මධ්‍යස්ථානයේ උපදේශකතුමා හමුවී ඒ සම්බන්ධව කථා කරන්න. එසේත් නැතිනම් කාර්යාලයෙන් විමසන්න. ඒ සමිබන්ධව සෙසු භාවනානුයෝගීන්ට උපදෙස් දීමට යාමෙන් වළකින්න.
- භාවනා ශාලාවට නාද වන ඔරලෝසු හා වතුර බෝතල් ගෙන ඒමෙන් වලකින්න.
- ජංගම දුරකථන මුලුමනින්ම ක්‍රියා විරහිත කර තබන්න.
මෙම කරුණු සම්බන්ධව හෝ කාලසටහන අනුගමනය කිරීම ගැන හෝ වෙනත් ප්‍රායෝගික ගැටළු හෝ ඇත්නම් කල් නොයවා කරුණාකර උපදේශකතුමා හෝ කාර්යාලයේ සේවක මහතෙකු හමුවන්න.
මෙහි ඔබ සිටිනුයේ භාවනා කිරීමට බව නිරතුරුව සිහියේ තබා ගන්න.
ඔබ ලබාදෙන සහයෝගය පිළිබදව අප කෘතඥ වෙමු. සතුටින් භාවනාව පුහුණු වීමට උත්සාහ කරන්න.