භාවනා පුහුණුවක අරමුණ

       භාවනාව යනු අප තුළ තිබෙන ආධ්‍යාත්මික කුසලතාවයන් සහ ගුණ ධර්ම හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරගැනීමයි. ඒ ආධ්‍යාත්මික හැකියාවන් සහ ගුණධර්ම උදවුවෙනවා අපට නිවී සැනසිල්ලේ සතුටින් නිදහසේ ජීවත් වෙන්නත් අනිත් අයට නිවී සැනසිල්ලේ නිදහසේ ජීවත් වෙන්න මඟ පෙන්වන්න උදව් කරන්නත්. ඒ සඳහා අප පුහුණුවක් ලැබිය යුතුයි. භාවනාව කියන දේ නිරුත්සාහකව සිදු වෙන්නේ නැහැ.......

වැසි දිනයක්
වර්තමානයේ ජීවත් වීම

     සාමාන්‍යයෙන් අප හැමෝම ජීවත් වෙන්නේ වර්තමානයේ තමයි. කාටවත් අතීතයේවත් අනාගතයේවත් ජීවත් වෙන්න බැහැ. හැබැයි ඒ බව අප දන්නේ නැහැ අපට ඉන්න පුළුවන් වර්තමානයේ විතරයි කියා. ඒ නිසා අප මේ අතීත මතක තුළයි අනාගත බලාපොරොත්තු ඇතුළෙයි මනෝ ලෝකයක් හදාගෙන ඉන්නවා. .......එතකොට අප ඉන්නේ හැම වෙලේම ඒ කතාවත් එක්ක දොඩමළු වෙමින්, වාද කරමින්, සංවාද කරමින්. කෑම කන විට, උයන විට, නාන විට, වාහනයක් පදවන විට, නිදාගෙන සිටින විට පවා හිතත් එක්ක කතාවක තමයි අප ඉන්නේ.......

 මධ්‍යස්ථානයේ සිට පෙනෙන දර්ශනයක්

භාවනා මධ්‍යස්ථානයක ඇති වැදගත්කම

       අප දන්නවා අප නගරයක සිටියත් ගමක සිටියත් ඒ නගරයෙත් ගමෙත් ඒ සාමාන්‍ය ජීවිතයේ නැති පරිසරයක් තමයි භාවනා මධ්‍යස්ථානයක තිබෙන්නේ. එකක් තමයි එය සමාජයෙන් ටිකක් වෙන්වුණු තැනක්. ඒ නිසා සමාජයේ තිබෙන කලබල, කාර්ය්‍ය බහුලත්වය, ඝෝෂාකාරී බව  සාමාන්‍යයෙන් භාවනා මධ්‍යස්ථානයක නැහැ. .......එතකොට භාවනා මධ්‍යස්ථානයක් ඇතුළේ මූලික වශයෙන් කෙරෙන්නේ ඒ දෙවෙනි පියවර, පුහුණුව කියන එක.....

 භාවනා ශාලාවේ ඇති බුදුපිළිම වහන්සේ

එදිනෙදා ජීවිතයේ දී භාවනාව

.......එතනදී ලැබෙන මානසික සුවය, නිශ්චලතාවය ආපසු සාමාන්‍ය ජීවිතයට ගියාම ටික ටික අඩුවෙලා ගිහිල්ලා මේ පුහුණුව  ජීවිතය ඇතුළේ දී කළේ නැතිනම් බිංදුවටම වැටෙනවා. ඉන්පසු නැවතත් අප සිතනවා භාවනා මධ්‍යස්ථානයට ඊළඟ වතාවෙත් යන්න ඕන කියා. ඉතින් ඒකෙ කිසි තේරුමක් නැහැ. භාවනා මධ්‍යස්ථානයකින් අපට ලැබෙන්නේ පුහුණුවක් විතරයි. එ පුහුණුවට අනුව ජීවත් වීම අත්‍යවශ්‍යයි. එහෙම නැතිනම් මේක මේ සෝද සෝද මඩේ දානවා වගේ වැඩක්.......

එලිමහන් භාවනා පෙදෙස